ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමකට එළැඹීමට ආසන්න බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඒ අනුව මෙම සටන් විරාමය ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේදී අද දින සාකච්ඡා කිරීමට නියමිත බවට ඇමරිකා එක්සත් ජනපද බලධාරීහු අනාවරණය කර ඇති බවද බටහිරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙහිදී ඊශ්‍රායලය සහ ලෙබනන්යේ සිටින හිස්බුල්ලා සටන්කාමීන් අතර සටන අවසන් කිරීම සඳහා දින 60ක සටන් විරාමයක් යෝජනා කිරීමට නියමිත බවටද වාර්තා වේ.
මෙම සටන් විරාම ගිවිසුමට දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම සහ එම ප්‍රදේශයේ හිස්බුල්ලා පාලනය අවසන් කිරීම ඊට ඇතුළත් බවද පැවසේ.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ “අපි සමීපව සිටින සටන් විරාමයට අප ළඟා වී ඇති බව අපි විශ්වාස කරනවා.” යනුවෙනි. ඔහු තවදුරටත් කියා සිටියේ, ” කෙසේවෙතත්, “අපි තවම එතැනට පැමිණ නැහැ.” ලෙසයි.
මේ අතර ඉකුත් ඉරිදා දිනයේ ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 250ක් පමණ එල්ල වී ඇති අතර, ඉන් බහුතරයක් බොහොමයක් ගුවනේදි විනාශ කිරිමට ඊශ්‍රාලය සමත්ව ඇත.
මෙම ප්‍රහාර වලට ඊශ්‍රායල ගුවන් හමුදාව බේරූට්හි සහ හදුනාගත් ස්ථානවලට හිස්බුල්ලා සංවිධානයේ යැයි සැක කෙරෙන ස්ථාන සහ අවි ගබඩාවලට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.