අවුරුදු 17ක දැරිවියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් පුල්මුඩේ කදවුරේ සේවයේ නිරත හමුදා සෙබලු දෙදෙනෙක් පන්නල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පන්නල පොලිස් වසමේ කොහොඹපොල පදිංචි 17 හැවිරිදි දැරිවිය විසින් පසුගිය 17 වෙනිදා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම හමුදා සෙබලු දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සෙබලු දෙදෙනා අවුරුදු 28 හා 27 යන වයස්වල පසුවන්නන්නය. ඔවුන් දෙදෙනා මොණරාගල හා ගලේවෙල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.