fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එංගලන්තයෙන් ආ කතගේ බෑගය යාපනේ කැනේඩියානුවා උස්සලා

    එංගලන්තයෙන් ආ කතගේ බෑගය යාපනේ කැනේඩියානුවා උස්සලා

    ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් එංගලන්තයේ පුරවැසි භාවය ලද මෙරට කාන්තාවකගේ අත් බෑගය සොරා ගත් කැනඩා පුරවැසිභාවය ලබා සිටින යාපනයේ ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

    කාන්තාව ද්විත්ව පුරවැසිභාවය ලබාසිටින එංගලන්තයේ කාර්යාලයක කාර්ය සහයිකාවක් ලෙස සේවයේ නිරත 55 හැවිරිදි වියැති කාන්තාවකි. ඇය පන්නිපිටියේ තැනැත්තියකි.

    මෙම කාන්තාව ලන්ඩන් නුවරින් පැමිණි ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත්තේ ඊයේ පස්වරු 1.30ට පමණය. ඒ පැමිණින අතරතුර ඇගේ ගමන් බෑගය සොරාගෙන ඒ තුළ තිබුණු රුපියල් ලක්ෂ 14කට අධික වටිනාකමක් ඇති ස්ටර්ලින් පවුම් 2,700 ක් , අලුත්ම අයි වර්ගයේ ජංගම දුරකථන 02 ක් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකථනයක් සොරා ගෙන ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ ලන්ඩන් නුවරින් යානය ගුවන්ගතව සුළු මොහොතකට පසුවය. මේ ගැන එම කාන්තාව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට පැමිණිලිකර තිබේ. ඒ අනුව කළ සොයා බැලීමේදී බෑගය හමුනොවූ තැන කාර්ය ගුවන් සේවකයන් ඒ බව ගුවන් නියමුවාට දැනුම් දී ඇති බවත් ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර ඒ බව ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොලට දැනුම්දී තිබී ඇත.

    මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවූ පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් ද සමග එම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ .

    එහිදී මෙම නැති වූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි , කැනඩාවේ ද පුරවැසිභාවය ද හිමි , 60 හැවිරිදි ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    සොරා ගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිතා කර ඔහු ගුවන් යානය තුළ අලෙවි කරන විස්කි බෝතල් 06 ක් සහ සුවද විළවුන් බෝතල් 03 ක් ද මිළ දී ගෙන තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img