පල්ලෙකැලේ පිහිටි නිවසකට රාත්රී කාලයේ නිරුවතින් ඇතුළුවීමට උත්සහගත් යුද හමුදාවේ සෙබලෙකු පල්ලෙකැලේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මැද මහනුවර වෑගල පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි වියේ පසුවන පල්ලෙකැලේ කදවුරේ සේවයේ නිරත සෙබලෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 24 වෙනිදා රාත්රී කාලයේ ඔහු නිරුවතින් ඇතුළුවීමට උත්සහ දරා ඇත්තේ පල්ලෙකැලේ තුරුණුසවි ගම්මානයේ පිහිටි නිවසකටය.
මෙම හමුදා සෙබලා මෙයට පෙර 49 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් දූෂණය කිරීම හා ගෙවල් බිඳ දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන්ද පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.