fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බයික් එකක් හප්පා කාරයෙන් පලාගිය පොලිස් ලොක්කාට ලයිෂන් නෑ

    බයික් එකක් හප්පා කාරයෙන් පලාගිය පොලිස් ලොක්කාට ලයිෂන් නෑ

    සිය මෝටර් රථයේ යතුරුපැදියක් ගැටී අනතුරට ලක්වූ අවස්ථාවේදී ඒ ගැන තැකීමක් නොකර පළාගිය හබරාදූව පොලීසියේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොටවිල පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය පුද්ගලික මෝටර් රථය පදවාගෙන නිවස වෙත ගමන් කරමින් සිටියදී මෝටර් රථය යතුරු පැදියක ගැටී ඇත්තේ කොටවිල බණ්ඩාරමුල්ල ඉන්ධන පිරවුම් හල අසලදීය.

    යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර යතුරු පැදිකරු මෝටර් රථය හඹාගොස් නවතාගෙන ඇති බව කොටවිල පොලීසිය සඳහන් කරයි.

    මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවත් හානි සිදුව ඇත්තේ වාහන දෙකට පමණක් බවත් පොලීසිය පවසයි.

    මෙම අනතුර සිදුවන විට පොලිස් නිලධාරියා සතුව රියදුරු බලපත්‍රයක් තිබී නැති බවත් අනතුරක් සිදුකර පළායාම හා රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය යන චෝදනා මත අත්අඩංගුවටගත් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img