අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල නිවෙස් වල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව ඩ්‍රෝන කැමරා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
දරුවන් වැසි ජලයේ ක්‍රීඩා කිරීමෙන් සිදුවන අනතරු වැලැක්වීමට දෙමාපියන් වැඩිහිටියන් ක්‍රියා කරන ලෙසද දෙමාපියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් තල්දූව මහතා ඉල්ලා සිටී.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට හෝ සහාය ලබා ගැනීමට දෙමළ භාෂාව කතාකරන ජනතාව වෙනුවෙන්ද 107 විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.