fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව

    මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව

    මෙරට ආර්ථිකය 2025 වසරේ දී සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙල සහ මෙරට ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

    මහ බැංකුවේ අධිපතිවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා වැඩපිළිවෙලේ තෙවැනි සමාලෝචනය මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට සාර්ථකව එළඹීමට හැකිව තිබෙන බැවින් රජය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්මත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ඉතා ඉක්මණින් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ය.

    මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවන්ට පැමිණ තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා වසර දෙකක කාලයක් පුරා පවත්වාගෙන ගිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් අදියරට පැමිණ තිබෙන බවද මේ වනවිට ණයහිමියන් සමඟ මූලික එකඟතාවන්ට පැමිණ තිබෙන බවද පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img