“කලාකරුවා මහජන බුද්ධිමතෙකු ලෙස… ආචාරධාර්මික අන්තර්ජාතික මාධ්‍ය (පර්යේෂණ) සහයෝගීතාවයේ පරිකල්පනීය අනාගතයට” මතකය සහ තේමාවෙන් හෙට නොවැම්බර් 28 සහ 29 දෙදින තුළ කෙටි චිත්‍රපට දැක්මක් මාර්ගගත (online) ක්‍රමයට පැවැත්වේ.
Bournemouth විශ්ව විද්‍යාලය, UK, KNUST විශ්ව විද්‍යාලය Ghana, කොළඹ, ශ්‍රී ලංකාව Makerere විශ්ව විද්‍යාලය, උගන්ඩාව Kings University, Canada යන විශ්ව විද්‍යාලවල පර්යේෂණ කණ්ඩායම් එකතුවක් මේ සඳහා එක්ව සිටි අතර UKRI-HEIF-අරමුදල් සහිතව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි. අන්තර්ජාතික මාධ්‍ය පර්යේෂණවල ආචාර ධර්ම කෙරෙහි අවධානය යොමු කරන ජාලයක් වන මාධ්‍ය විජිතකරණ පරිකල්පන සංවර්ධනය (DMDI) විසින් රටවල් කිහිපයක් එකාබද්ධ කරමින් මේ වැඩසටහන සංවිධාන කෙරිණි..
මෙම ජාලය, විශ්ව විද්‍යාල තුනක් සහ විද්වතුන්, කලාකරුවන් සහ මාධ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු සම්බන්ධ කරගනිමින් එය මෙහෙයවනු ලබන්නේ එක්සත් රාජධානියේ Bournemouth විශ්වවිද්‍යාලයේ CESJ මධ්‍යස්ථානය සහ Ghana හි Kwame Nkrumah University of Science and Technology (KNUST), බංග්ලාදේශයේ ලිබරල් කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ලංකා සිනේ මීඩියා ආයතනය සහ නයිජීරියාවේ Wole Soyinka ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව (WSICE) ඇතුළු හවුල්කරුවන් සමඟිනි.
ටෝනි මොරිසන් (1987) විසින් නිර්වචනය කරන ලද “මතකය” යන සංකල්පය ” යන්න පාදක කර ගෙන කලාකරුවා මහජන බුද්ධිමතෙකු ලෙස අතීතය දෙස නැවත බැලීම සහ නැවත සිතීම හරහා සමාජය සුවපත් කිරීමට, පරිකල්පනය පුළුල් කිරීමට සහ නව්‍යකරණයට තමාගේ කලාවන් භාවිතා කරන්නේ කෙසේදැයි යන්න මෙහිදී ගවේෂණයට ලක්විය.
මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නයෝමි අප්සරා සම්බන්ධ විය.
මෙම චිත්‍රපට තිරගත කිරීම් අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, Deferred (2024) (DMDI පර්යේෂණ නිමැවුමකි) එක්කොට තිබේ. “ඒ කොන්දේසි විරහිත ඇතුළත් වීමේ අවස්ථාව කල් දැමේ” යන තේමාව යටතේ මෙම නිර්මාණය ඉදිරිපත් කොට ඇත.” තම සහකරු හෝ සහකාරිය එක්සත් රාජධානියට රැගෙන ඒම වළක්වන නව සංක්‍රමණ ප්‍රතිපත්ති හේතුවෙන් අපේක්ෂාවන් සහිතව සිටි සහ අධ්‍යාපනික වශයෙන් සාර්ථක තරුණියන්ට එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා අහිමි වී යන ලකුණු පෙනේ. මෙම නව නීතිය නිසා දැන් ඔවුන්ගේ අධ්‍යාපනික අරමුණු සහ පවුල් බැඳීම් අතරින් යම් තෝරා ගැනීමක් සිදුකිරීමේ කටුක යථාර්ථයට දැන් ඔවුන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම චිත්‍රපට නිර්මාණය ඒ සම්බන්ධයෙන් නිමවූවකි. ලංකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ සම්මානිත කෙටි චිත්‍රපට නිර්මාණ කාරියක වන අතර ඇය එංගලන්තයේ Bournemouth විශ්වවිද්‍යාලයෙන් සිනමාව සම්බන්ධයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කොට තිබේ.