අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය.
කාලසටහනට අනුව දෙසැම්බර් 04 වෙනිදා සිට කාලසටහනේ ඇති විෂයන් ඒ ආකාරයට පැවැත්වෙන අතර නොපැවැත්වූ දින වල විභාගය දෙසැම්බර් 21 වෙනිදා සිට පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඊට අදාල නව කාල සටහන ඉදිරියේදී නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීය