fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි

    රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි

    නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය.

    ශ්‍රී ලංකා පොලිසියේ නව වෙබ් අඩවිය www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවටද එය පරිශීලනය කළ හැකි වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    , පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝවන් ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට නියමිත මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයක් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    සුපුරුදු පරිදි පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රම ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇති අතර, ඉදිරියේදී මහජන පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුල ඇතුලත් කිරීමට නියමිත බවද සඳහන්ය.

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටග,මහජන ආරක්ෂක පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා අපරාධ දිසාව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් යන මහත්වරුන් ඇතුළු රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img