fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි - සිසුන් 07කගේ සිරුරු සොයාගෙන

    ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 07කගේ සිරුරු සොයාගෙන

    පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන ජලයේ ගිලී තිබියදී සොයාගෙන තිබේ.

    රියදුරුගේ සිරුරට අමතරව අද උදෑසන දියේ ගිලුණු තවත් සිසුවෙකුගේත් ට්‍රැක්ටරයේ ගමන් කළ පුද්ගලයකුගේත් මළ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය.

    දියේ ගිලී අතුරුදන් වූ සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු ඊයේ (27) දින සොයාගත්තේය. ඒ අනුව අද වන විට සිසුන් 05 දෙනෙකුගේත් රියදුරුගේත් තවත් පුද්ගලයකුගේත් සිරුරු සොයාගෙන තිබුණි. පොලීසිය පවසන්නේ මෙම අනතුරින් දියේ ගිලී මියගිය පුද්ගල මළ සිරුරු 07ක් අද උදෑසන වන විට සොයාගෙන ඇති බවය. සොයා ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ එක් සිසුවෙකුගේ මළ සිරුරක් පමණක් බවත් එම සිරුරද සොයා මෙහෙයුම් පැවැත්වෙන බවත් කාර්තිව් පොලීසිය සඳහන් කළේය.

    මෙම අනතුරින් පසු ට්‍රැක්ටරයේ සහයක ලෙස කටයුතු කළ පුද්ගලයාද අතුරුදන්ව සිටියේය. ඔහුව අද (28) පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාගොස් සැගවී සිටීමෙන් පසු පැමිණ භාරවීමෙන් අනතුරුවය.

    මෙම අනතුරින් දියේ ගිලී මිය ගිය සිසුන් පස් දෙනාත් අතුරුදන්ව සිටින සිසුවාත් එම ප්‍රදේශයේ මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 14ත් 16ත් අතර පසුවන්නන්ය.

    අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මද්‍රසා පාසල නිමවී නිවස බලා යමින් සිටි මෙම සිසුන් ඇතුළු 13 දෙනෙකු පසුගිය 26 වෙනිදා ට්‍රැක්ටරයේ නැගී ගමන් කරමින් සිටියදී ජලය පිරී තිබුණු මාර්ගයේ ගමන් කිරීමේදී ට්‍රැක්ටරය පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණි. මෙහිදී දිවි බේරාගැනීමට හැකියාව ලැබී ඇත්තේ පස් දෙනෙකුගේ පමණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img