ශ්‍රී ලංකා ධජය සහිත ධීවර යාත්‍රා දෙකක් අරාබි මුහුදේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සමඟ ඉන්දියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ධජය සහිත ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ හැකි බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය නාවික හමුදාව සම්බන්ධීකරණ මෙහෙයුමක් මගින් මෙම බෝට්ටු දෙක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදාව සඳහන් කරන බව එරට මාධ්‍ය සඳහන් කරයි.
මෙම වැටලීම කර ඇත්තේ පසුගිය 24 හා 25 යන දෙදින තුළය.
බෝට්ටු දෙක, කාර්ය මණ්ඩලය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාර දීමට නියමිතය.