fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නමින් ගහන ගේමක් හෙළිවෙයි

    පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නමින් ගහන ගේමක් හෙළිවෙයි

    ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ නිල ලංජනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන නීති විරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භකර ඇත.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    “ශ්‍රී ලංකා පොලීසිය විසින් ළමුන්ට හා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ අධික්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

    එම මෙහෙයුම් මැදිරියට 109 යටතේ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කල හැකි අතර එවැනි පැමිණිලි ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි එම කාර්යාංශය මගින් විමර්ශනය කරනු ලබයි.

    මෙලෙස ස්ථාපිත කර ඇති 109 මෙහෙයුම් මැදිරියේ රාජකාරි නියුතු නිලධාරයන් විසින් විමර්ශන වලට අදාල තොරතුරු පැමිණිලිකරුවන්ගෙන් ලබා ගනු ලබන අතර මෙම මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ නිරත නිලධරයන් ලෙස ව්‍යාජ අන්දමින් පෙනී සිටි පිරිසක් විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ නිල ලංඡනය යොදා ගෙන “sl remover” හා “SL protection” නමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද Whatsapp, Telegram හා විවිධ සමාජ මාධ්‍ය යොදා ගනිමින් අදාල ඡායාරූප හා තොරතුරු ලබා ගැනීම සිදුකර ඇති බවට පැමිණිලි වාර්තා වී ඇත.

    මෙම ගිණුම් සමඟ සම්බන්ධ වී ළමුන් හා කාන්තාවන් සමඟ අන්තර්ජාලය හරහා පණිවිඩ හුවමාරු කර අන්තර්ජාලයේ පලවූ ඡායාරූප නැවත යොදා ගනිමින් ඔවුන්ට විවිධ බලපෑම් හා තර්ජව සිදු කරන බවට ළමා හා කාන්තා අපයෝජන හා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත.

    ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජව නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් මේ ආකාරයට කිසිඳු විවිධ සමාජ මාධ්‍ය සමූහයන් පවත්වාගෙන නොයන අතර ළමුන් හා කාන්තාවන්ට සිදුවන පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ 109 ඝෘජු දුරකථන අංකයට පමණක් වේ. මින් ඉදිරියට පහත සඳහන් නිල ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති කිසිඳු ගිණුමකට ඔබගේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසට ළමා හා කාන්තා අපයෝජන නිවාර්ණ හා විමර්ශන කාර්යාංශය ඉල්ලා සිටින අතර එලෙස තොරතුරු ඉල්ලීමක් සිදුකරයි නම් 109 මෙහෙයුම් මැදිරියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන මෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img