fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුදුවෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්

    සුදුවෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්

    සුදු වෑන් රථවලින් පැහැරගන්නා පුද්ගලයන්ව කිඹුල්ලන්ට කන්නට දැමූ බවට 2019 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශයක් පදනම්කරගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවකින් විත්තිවාචකය නොකැඳවා ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

    මෙම මාධ්‍ය හමුවෙන් එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.

    එම මාධ්‍ය හමුව රාජිත සේනාරත්න මහතා විසින් කොළඹදි සංවිධානය කර තිබුණු අතර බොරු රුවුල් පැලදගත් දෙදෙනෙක් විසින් සුදු වෑන් කථාව මාධ්‍ය හමුවේදී පවසන්නට විය. මහත් ආන්දෝලනයට තුඩුදුන් එම මාධ්‍ය හමුව පවත්වන්නට යෙදුනේ 2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ වොක්ෂෝල් වීදියේදීය.

    එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img