fbpx
තවත්
    මුල් පිටුවspecialසිරියාවේ යුදගැටුම් උත්සන්න වෙයි

    සිරියාවේ යුදගැටුම් උත්සන්න වෙයි

    දෙවන විශාතම නගරය කැරලි කණ්ඩායම් අතට පත්වෙයි
    සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී කැරලි කණ්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් විසින් එරට දෙවැනි විශාලතම නගරය වන ඇලෙප්පො නගරයේ ප්‍රදේශ කීපයකම බලය අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
    මෙලෙස කැරලි කණ්ඩායම් ඇලෙප්පො නගරයේ බලය අත්පත් කරගැනීමත් සමඟම සිරියානු ආරක්ෂක අංශ විසින් එම නගරයේ ගුවන්තොටුපොල වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
    දශකයකට අධික කාලයක් සිරියානු ජනාධිපති බෂාඩ් අල් අසාඩ් හිතවාදීන් හා එරට ආරක්ෂක අංශ විසින් ඇලෙප්පො නගරයේ බලය තමන් සතු කරගෙන සිටියද පසුගිය දින කීපයේදී කැරලිකරුවන් විසින් එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ නගරයේ පිහිටි වැදගත් රජයේ ගොඩනැගිලි රැසක බලය රජයේ පාලනයෙන් ගිහිලී ගොස් තිබේ.
    2011 වර්ෂයේදී ආරම්භ වූ සිවිල් යුද්ධය හේතුවෙන් ලක්ෂ පහකට අධික පිරිසකට දිවි අහිමි වී ඇති අතර තවත් විශාල පිරිසක් අවතැන්ව ඇත.
    සිරියාන රජයට එරෙහිව ඇති වූ සිවිල් යුද ගැටුම් තරමක් දුරට පාලනය කිරීමට රුසියානු හිදවාදියෙකු වූ අසාඩ් විසින් පියවර ගෙන තිබූ අතර එහිදී රුසියානු යුද සහය නිරන්තරයෙන් ලබා ගැනීමට පියවර ගෙන තිබුණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img