එක්සත් රාජධානියේ සිට ත්රස්තවාදීන් කණ්ඩායමකට මුදල් එකතු කර ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ හා වන්නි ප්‍රදේශයේ දී එම මුදල් බෙදාහැරි බව කියන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇත.
2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින කිලිනොච්චිය උරිච්චිපුරම් හී පදිංචි 43 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා පසුගිය 30 වෙනිදා ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන් යානයේ පැමිණ ඇත. මොහු ගැන කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට කරුණු වාර්තාකර ලබාගෙන තිබුණු විදෙස් ගමන් තහනම් නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.