යුද හමුදා කපිතාන්වරයෙක් ලෙස සහ යුද හමුදා මේජර් වරයෙක් ලෙස පෙනී සිටිමින් බහු විහායක් සිදුකරගෙන සිටි සැකකරුවෙකු කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල පදිංචිකරුවෙක් වන 26 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
මෙම සැකකරු කූඨ ලේඛන සකස්කරමින් එසේ හමුදාවේ ඉහළ නිලධාරියෙක් ලෙස පෙනී සිට ඇති බවත් යුද හමුදා ඇඳුම් කට්ටල පවා සැකකරුගේ නිවසේ තිබී සොයාගත් බවත් පොලීසිය සඳහන් කළේය